හෘදය හා පෙනහළු ක්‍රියාකරන අයුරු

(Full screen මගින් විශාලනය කරගෙන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න)
මිනිසාගේ හෘදය
උරස් කුහරයේ පෙනහළු 2 අතර අවකාශයේ මධ්‍ය රේඛාවෙන් වඩාත් වම් පසට බරව පිහිටයි.
හෘදය දළ වශයෙන් කේතු හැඩතියි. හෘදය මැදින් පිහිටි ආවාරයක් මගින් වම් හා දකුණු බාග දෙකකට වෙන් කරයි.
ඉහලින් කර්ණිකා ඇත. පහලින් කෝශිකා ඇත.
හෘදය කුටීර 4කි.එනම් දකුනු කර්ණිකාව,වම් කර්ණිකාව ,දකුනු කෝෂිකාව,වම් කෝෂිකාවයි.
දකුනු කර්ණිකාවට උත්තර මහා ශිරාව ,අධර මහා ශිරාව විවෘත වේ.
වම් කර්නිකාවට පුප්පුශීය ශිරා 4 විවෘත වේ.
දකුනු කර්ණික කෝෂික විවරය ආරක්ෂා කරන කපාටය ත්‍රි තුණ්ඩ කපාටයයි.
වම් කර්ණික කෝෂික විවරය ආරක්ෂා කරන කපාටය ද්වීතුණ්ඩ කපාටයයි.
එක් එක් කෝෂික කුහරයක් තුල කෝෂික බිත්තියෙන් කුහරය දෙසට නෙරන කේතු ආකාර නෙරීම් ඇත.මේව පිටිකා පේශි වේ.ඒවාට සම්බන්ධව හෘත් රජ්ජු ඇත.*දකුනු කෝෂිකාවේ ඉහල මායිමෙන් ආරම්භ වන පුප්පුශීය මහා ධමනියද වම් කෝෂිකාවේ ඉහල මායිමෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනියද ඇත.ඒවා ආරම්භ වන ස්ථානයේ අඩසඳ කපාට කට්ටලයක් ඇත.
හෘදයේ බාහිරින් රුධිරය සපයනුයේ කිරීටක ධමනි මඟිනි


இறுதியாக மாற்றியது: புதன், 15 செப்டம்பர் 2021, 9:56 மாலை