ශාක ප්‍රචාරණය

සැකසුම - තොරතුරු තාක්ෂණ  හා දුරස්ථ අධ්‍යාපන කේනද්‍රස්ථානය

පැල්මඩුල්ල


කුමක්ද මේ ශාක ප්‍රචාරණය . . . .


ස්වභාවික තත්ත්ව යටතේ ශාක තම පැවැත්ම තහවුරු කර ගැනීම සදහා තම වර්ගයා බෝකර ගනී.

මෙම ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ.  ප්‍රජනනය සඳහා ශාක සතු හැකියාව උපයෝගී කර ගනිමින් වගා කටයුතු වලට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිපදවා ගැනීම ශාක ප්‍රචාරණය යනුවෙන් හැඳින්වේ.


ශාක ප්‍රචාරණ ක්‍රම 02 කි
1. ලිංගික ප්‍රචාරණය (Sexual propagation)
2. අලිංගික ප්‍රචාරණය (Asexual Propagation)

වද මලක කොටස් නම් කරමු.


ලිංගික ප්‍රචාරණය (Sexual propagation)

බීජ මගින් සිදු කෙරෙන ප්‍රචාරණය ලිංගික ප්‍රචාරණය නම් වේ.   ශාක වල ලිංගික ව්‍යුහය පුෂ්පය යි.  පුෂ්පවල පරාගධානි තුළ පරාග සෛලත්, ඩිම්බ කෝෂ තුල ඩිම්බ  සෛලත් නිපදවයි.  පරාගනයෙන් අනතුරු ව ඩිම්බ සෛල හා පරාග  සෛල සංසේචනය වීමන් බීජ හටගනියි.  බෝග වගාවේ බහුල ව භාවිත කරනු ලබන රෝපණ ද්‍රව්‍ය බීජ වේ.


බීජ ප්‍රරෝහණය (seed germination)

බීජයක් තුල ඇති කළලය නව ශාකයක් බවට පත්වීමේ ආරම්භය බීජ ප්‍රරෝහණය නම් වේ.  

ප්‍රරෝහණය වන බීජයේ බීජෝපරියේ සහ බීජාධරයේ වර්ධන වේගයේ වෙනස අනුව බීජ ප්‍රරෝහණය ආකාරය තීරණය වේ.  මේ අනුව බීජ ප්‍රරෝහණයේ ආකාර 02 කි. 



බීජ ප්‍රරෝහණ  ආකාර 2 කි
  1. අපිභෞම ප්‍රරා්හනය ( Epigeal germination)

           උදාහරණ - මුං, බෝංචි, බටු, මිරිස්


     2. අධෝභෞම ප්‍රෙරා්හණය (Hypogeal germination)

          උදාහරණ - වී, කඩල, බඩ ඉරිගු



බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධක
  • බීජයේ ජීව්‍යතාවය - ප්‍රරෝහණය  සඳහා කලලයේ ජීව්‍යතාව අත්‍යවශ්‍ය වේ.
  • තෙතමනය/ජලය - ප්‍රරෝහණයට අවශ්‍ය ජීව රසායනික ක්‍රියාවලි ආරම්භ වීමට බීජය තුළට ජලය අවශෝෂණය වීම අත්‍යවශ්‍ය වේ.
  • වාතය/ඔක්සිජන් -ප්‍රරෝහණයේ දී බීජවල ශ්වසන ශිඝ්‍රතාව වැඩි බැවින් ඒ සඳහා ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය වේ.
  • ප්‍රශස්ත උෂ්ණත්වය - ප්‍රරෝහණයට අවශ්‍ය ජීව රසායනික ක්‍රියාවලි හොඳින් සිදු වීමට ප්‍රශස්ත උෂ්ණත්වයක් අත්‍යවශ්‍ය වේ.
  • ආලෝ්කය - සමහර බීජ සදහා ආලෝකය අත්‍යවශ්‍ය වේ.
    උදාහරණ- සලාද, කෝලියාස්
  • ඇතැම් බීජ සඳහා අඳුර අත්‍යවශ්‍ය වේ.
  • උදාහරණ- වර්බෙනා ෆ්ලොක්ස් සෙන්ටූරියා
  • බොහෝ බීජ සඳහා ආලෝකයේ බලපෑමක් නොමැත
    උදාහරණ- වී, මුං, කව්පි
බීජ සුප්තතාව ( Seed dormancy)

ජීවී බීජයකට ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක ලැබී තිබියදීත් එය ප්‍රරෝහණය නොවේ නම් එම තත්ත්වය බීජ සුප්තතාව ලෙස හඳුන්වයි.

බීජ සුප්තතාව ඇති වීමට හේතු . . .
  • බීජාවරණය ජලයට හා වාතයට අපාරගම්‍ය ව පැවතීම
    - දඹල, සියඹලා, ඇකේෂියා
  • බීජාවරණය ඝනව පැවතීම
    - අඹ, සියඹලා
  • බීජාවරණයේ වර්ධක නිශේධක ද්‍රව්‍ය පැවතීම
    - තක්කාලි, පැපොල්. වැල් දොඩම්
  • බීජයේ කලලය පරිණත නොවී පැවතීම
    - පොල්, ඕකිඩ්
  • බීජයේ කලලය අක්‍රිය ව පැවතීම
    - වී වර්ග
අලිංගික ප්‍රචාරණය/වර්ධක ප්‍රචාරණ (Asexual propagation)

ශාක වර්ධක කොටස් මගින් සිදු කොරන ප්‍රචාරණය අලිංගික ප්‍රරචාරණය නම් වේ.

වර්ධක ප්‍රචාරනයේ ආකාර

රෛසෝම

භූගත කදන් වර්ගයකි
පොළොව මට්ටමට යටින් තිරස් අතට වර්ධනය වේ.
උදා- කහ, ඉගුරු

Raisom

කෝම

පොළොව මට්ටමට යටින් සිරස් අතට වර්ධනය වන භූගත කදන් වර්ගයකි.
උදා- කිරි අල, කෙසෙල්
Koma


බල්බිල

කඳෙහි කක්ෂිය අංකුර හෝ පුෂ්ප අංකුර වලින් හටගන්නා ව්‍යුහයකි. මේවා වෙන් කර සිටුවීමෙන් නව පැළ ලබා ගත හැකි ය.
උදාහරණ- හණ
BAlbila


ධාවක

මව් ශාකයෙන් ආරම්භ වී පොළොව මතු පිටින් ඇදෙමින් වෙනත් ස්ථානයක මුල් අදින කඳන් ධාවක නම් වේ.
උදාහරණ - ගොටුකොළ, ස්ටෝබෙරි

Dhawaka


ස්කන්ධ ආකන්ද

ශාකයේ පාදස්ථයට ආසන්න ව කඳෙන් හටගන්නා භූගත ශාඛාවල ආහාර තැන්පත් වීමෙන් ස්කන්ධ ආකන්ද හට ගනියි
උදාහරණ- අර්තාපල්, ඉන්නල

Skanda


බල්බ

පොළොව මට්ටමට යටින් තිරස් ව පිහිටා ඇති භූගත කඳ මත ඇති පත්‍ර පාදවල ආහාර තැන්පත් වීමෙන් ඇති වන ව්‍යුහයන් ය.
උදාහරණ - රතුඵෑනු, සුදු ඵෑනු

Balba

මොරෙයියන්

ශාකයක විවිධ කොටස් වලින් මොරෙයියන් හට ගත හැකි ය.
උදාහරණ - කෙසෙල්
sdsa

ශිල්පීය ක්‍රම මගින් ප්‍රචාරණය කිරීම

ශාකයක ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහ නොවන අනෙකුත් වර්ධක කොටස් වන දඩු කැබලි, පත්‍ර, හෝ පත්‍ර කැබලි හා මුල් කැබලි මව්  ශාකයෙන් වෙන් කර ඒවාට ප්‍රශස්ත තත්ත්ව ලබා දී මුල් අද්දවා ගැනීමෙන් සමහර ශාක ප්‍රචාරණය කරනු ලැබේ. මෙහි ආකාර හතරක් අපි ඉගෙන ගනිමු.

1. වර්ධක කැබලි මගින් ප්‍රචාරණය කිරීම

2. අතු බැඳීම මගින් ප්‍රචාරණය කිරීම

athu bedima


3. බද්ධ කිරීම මගින් ප්‍රචාරණය කිරීම

badda kirima



4. පටක රෝපනය මගින් ප්‍රචාරණය කිරීම

pataka




ක්‍රියාකාරකම 1

ක්‍රියාකාරකම 2
Last modified: Friday, 16 September 2022, 9:15 PM