සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත සංසිද්ධි හා ගවේෂණ- 2 කොටස


 මෙම පාඩම ජංගම දුරකථනයෙන් පරිශීලනය කරන්නේ නම් දුරකථනය හරස් අතට හරවා පරිශීලනය කරන්න.  හොඳින් අධ්‍යයනය කිරීමට පරිගණකයක් භාවිතය වඩා සුදුසුය.

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට පහත කරුණු පිළිබඳ උගත හැකිවේ.

  • ග්‍රහණ  (Eclipses)‍
  • සූර්ය ග්‍රහණ
  • චන්ද්‍ර ග්‍රහණ
  • අභ්‍යාවකාශ ගවේශණය
  • කෘතිම චන්ද්‍රිකා
  • සන්නිවේදන චන්ද්‍රිකා 

    

දහවල් කාලයේදී සූර්යයා අතුරුදහන් වීම,සූර්ය ගින්දර අනුභව කරන  තටු සහිත මකරෙකුගේ ක්‍රියාවක් යැයි අපේ ආදි කාලීන ජනයා විශ්වාස කල බව ඔබ දන්නවාද?


solar eclipse


මෙම රූපයෙන් දැක්වෙන එවැනි අසිරිමත් සිදුවීම් සිදුවන්නේ කෙසේද යන්න මෙම පාඩම මගින් අවබෝධ කර ගනිමු.

image

ග්‍රහණයක් කියන්නේ කුමක්ද ?

what is eclipse


සූර්යයා ඉදිරියෙන් යම් වස්තුවක් ගමන් කරන විට එහි ආලෝකය ලැබීම නවතී. මෙය සූර්යා ඉදිරියෙන් ගමන් කරන පෘතුවිය හෝ චන්ද්‍රයා නිසා සිදුවිය හැක. එය ග්‍රහණයක් වේ.  

සූර්ය ග්‍රහණය - solar eclipse

  • චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වේ.
  • යම් අවස්ථාවකදී පෘථිවිය හා සූර්යයා අතර ට චන්ද්‍රයා පැමිණිය හැකිය.
  • ඒ අවස්ථාවේදී චන්ද්‍රයාත් පෘථිවියත්  සූර්යයාත් එකම තලයක පිහිටීම සිදුවුවහොත් චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මත පතිත වේ.
  • එම සෙවණැල්ල පතිත වන අවස්ථාවේ එම ප්‍රදේශයේ ජීවත්වන අයට සූර්යයා නොපෙනී යයි.
  • මෙම සංසිද්ධිය සූර්යග්‍රහණය ලෙස හැඳින්වේ.

  • ක්‍රියාකාරකම
•පහත ක්‍රියාකාරකමේ සපයා  ඇති කුඩා කොටුවෙන් අල්ලා දකුණුපසට ඇදීම මගින් මේ අවස්ථාව ආදර්ශනය කල හැකිය.


පූර්ණ සූර්ය ග්‍රහණය හා අර්ධ සූර්ය ග්‍රහණ 
solar Eclipse
wewanella

ඉහත රූපයේ X යනුවෙන් නම් කර ඇති ප්‍රදේශයේ සිටින අයට පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වේ.total
ඉහත රූපයේ y යනුවෙන් නම් කර ඇති ප්‍රදේශයේ සිටින අයට අර්ධ සූර්ය ග්‍රහණයක් දිස්වේ. partial

පහත රූපයේ ඇති තිර (slides) දකුණට චලනය කරන්න




ක්‍රියාකාරකම. 
සූර්යග්‍රහණය සඳහා දායක වන කොටස් හදුනා ගන්න.ලේබල වලින් දැක්වෙන පද නිවැරදි ස්ථාන වල ඇද දමන්න. (මෙය සම්පූර්ණ තිරය මත දර්ශනය කර ගැනීමට එහි පහල ඇති ඊතල 4 ක අයිකනය මත ක්ලික් කරන්න.)

කිසි විටෙකත් සූර්යයා දෙස කෙලින්ම බලන්න එපා. සූර්යග්‍රහණ සෘජුව නැරඹීම සඳහා විශේෂයෙන් අනතුරුදායක විය හැක, මන්ද යත් දීප්තියේ හදිසි වෙනස්වීම් අපගේ ඇස්වලට අනුවර්තනය වීමට අවස්ථාවක් ලබා නොදෙන බැවිනි. ඔබ සතුව සූර්ය පෙරහන් ඇති විශේෂ වීදුරු යුගලයක් තිබේ නම් එය භාවිතා කිරීම වඩාත් සුදුසුය.

චන්ද්‍රග්‍රහණ - Lunar Eclipse 

  • පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතර ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් සිදු විය හැකිය. එසේම  ඒ සඳහා මෙම වස්තූන් තුනම එකම තලයක පිහිටිය යුතු වේ.
  • පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතර ගමන් කිරීමේදී  පෘථිවිය විසින් සුර්යාලෝකය සඳ මත පතිත වීම අවහිර කරයි.
  • චන්ද්‍රයා ස්වභාවයෙන්ම දීප්තියෙන් තොර වස්තුවක් වන බැවින් (චන්ද්‍රයා තමා විසින්ම ආලෝකමත් නොවන බැවින් ) එයට ආලෝකය නොලැබී යන හෙයින් එය අඳුරු වස්තුවක් ලෙස අපට දිස් වේ.
  •  මෙය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වේ.
  • චන්ද්‍රග්‍රහණ සිදු වන්නේ පුර පසළොස්වක පොහොය දිනයකදීය.

Lunar

චන්ද්‍ර ග්‍රහණය සිදු වන අයුරු ඔබම පරීක්ෂා කර බලන්න.! මේ සඳහා පහත ක්‍රියාකාරකමේ දැක්වෙන කුඩා කොටුව මත ක්ලික් කර දකුණු පසට චලනය කරන්න.

චන්ද්‍රග්‍රහණය ඇතිවන ආකාරය ‌පහත වීඩියෝවෙන් බලන්න.

Eclise, an interactive worksheet by sarathbo
liveworksheets.com

පහත වීඩියෝවත් බලන්න.


ඉදිරිපත් කිරීම B.L Sarath and ITDLH Godakawela

අවසන් වරට නවීකරණය කරන ලද: සඳුදා, 7 නොවැම්බර් 2022, 9:03 පෙ.ව.