කලා වැවට පින් දීලා පලයල්ලා

මේ   පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට …………..

 

  • වැව් නිර්මාණය වු ආකාරය
  • ගොවිතැන් කටයුතු සදහා වැව  යොදාගත් ආකාරය
  • වැව සම්බන්ධ  ජනප්‍රවාද
  • කලාවැව නිර්මාණය වු ආකාරය
  • ලාංකීය වාරි තාක්ෂණයේ  විශිෂ්ටත්වය පිළිබද අවබෝධයක් ලැබෙනු ඇත…………. 

ගොවිතැන් ජීවනෝපාය කරගත් ලාංකික ජනයාට ජලය ඒ සඳහා අත්‍යවශ්‍ය විය .    වැසිදිය පමණක්  ඊට  ප්‍රමාණවත් නොවූ නිසා ජලාශ තනා ජලය රැස් කර ගැනීමට ඔවුහු පෙළඹුණහ .වැව් නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි .ගොවිතැන්  කටයුතු සඳහා  අතීතයේ ජනතාවට   වැව මහත්  පිටුවහලක්  විය.

කලාවැව ඒ අතරින් ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වය කියාපාන කැටපතක් බදුය.


කලාවැවට අධිගෘහිත  දෙවියන් වන්නේ කඩවර දෙවියන්ය.

කලා වැව   නිර්මාණය වූ ආකාරය පිළිබඳව කඩවර දෙවියන් සම්බන්ධ ජනප්‍රවාදයකි.  

ලංකාවේ වැව් හා සබැඳි මනහර ජනප්‍රවාද වේ. කලා වැව සම්බන්ධයෙන් ප්‍රචලිතව පවතින ජනප්‍රවාදයක් මෙසේ ය. ඈත අතීතයේ දී අනුරාධපුරයේ කඩවර නම් මිනිසෙක් වූයේ ය. මොහු සිය  භාර්යාවගේ කෙනෙහිලිකම්වලින් බේරීමට මහා වනාන්තරයට ගියේ නිවී

සැනසිල්ලේ සතුටින් ජීවත් වීමට ය. මෙම සිදුවීමෙන් දොළොස් වසරකට පසුව රජ වාසලට මුව මස් සැපයූ මස් වැද්දා රජතුමාට වාර්තා කළේ නගරයෙන් පැන ගොස් කැලෑවේ ජීවත් වන මිනිසකු මහා නිධානයක් රැක  ගෙන සිටින බව යි.

මේ පුවතින් කැලඹුණු රජු නගරයේ ගිනිකොන දිගට  සැතපුම් 25ක්  ඈතින් පිහිටා තිබූ මෙම ස්ථානයට ගියේ ය. ගොස් කඩවර නැමැති මිනිසා අත්අඩංගුවට ගෙන තමා අබියසට කැඳවා නිධානය පිළිබඳ ප්‍රශ්න කෙළේ  ය. ඔහු කියා සිටියේ කලවැල් ගොන්නකින් ජලය බැස යන මාර්ගය ඇහිරී තිබෙන නිසා, ජලය එක් රැස් වී සැතපුම් ගණනාවක් ඈතට පැතිර තිබෙන ජලාශයක් මිස තමන් දන්නා වෙනත් නිධානයක් නොමැති බව යි.  මෙහි ස්ථිර ජලාශයක් බිහි කිරීමේ හැකියාව දුටු රජතුමා ඉතා ප්‍රීතියට පත්ව කලා වැව නිර්මාණය කෙළේ ය. මේ මහා වාරි කර්මාන්තය නිම වූ පසු එය බලා ගැනීමට රජතුමා විසින් කඩවර පත් කරන ලදි.




 

කලාවැව ධාතුසේන රජතුමා  විසින් නිර්මාණය කරන ලද්දකි.   ධාතුසේන  රජතුමා කලාවැව හා බළලූ වැව යන වැව් දෙකම එක්කර විශාල ජලාශයක් සෑදුවේය.ඒ කලා වැවයි . මෙසේ  විශාල  ජලාශයක් කල රජතුමා එම ජලය අඩි හතළිහක් පමණ පළල යෝධ ඇළ ඔස්සේ සැතපුම් පනස් හතරක් දුර ඇති අනුරාධපුරයට ගෙන ගියේය . සියවස් දහසයකට පෙර එබඳු මහා පරිමාණයේ ඇළක් එවන් භූමිභාගයක නිර්මාණය කළේ කෙසේද යන්න විමතියට කරුණකි.




ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473

දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. 

ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල  ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු  ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. 

එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදිග යෝධ ඇළ කලා වැව බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.



මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත. ඒනම්, යෝධ වැව, නුවරවැව,

මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව,

 කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව,

මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව

වැව යනාදියයි.


Prepaired by:  L.K. Chandima Damayanthi Wijerathna  ............. ITDLH - Balangoda
Last modified: Tuesday, 29 November 2022, 12:53 PM